තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් විදුහල්පතිවරයෙකු පොලිස් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු, තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මුලතිව් පොලීසිය සඳහන් කළේ, අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බවයි.

ඔහු විසින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනය පරික්ෂාවට ලක් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඊයේ දිනයේ දී අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...