තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් විදුහල්පතිවරයෙකු පොලිස් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු, තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මුලතිව් පොලීසිය සඳහන් කළේ, අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බවයි.

ඔහු විසින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනය පරික්ෂාවට ලක් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඊයේ දිනයේ දී අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...