නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් ගැටලුවක්ද ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙමින් පවතින අතර ඊයේ (08) දිනය ඒ සඳහා විශේෂ දිනයක් වශයෙන් ද යොදාගෙන තිබිණි.

කෙසේවෙතත් නන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොතිබුණත් එය ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ.

“මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා.

තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුව තිබෙනවා නම් ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.

මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේවි ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා. හැබැයි ඒක ඔබට නොලැබුණත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය වියයුතු වන්නේ නෑ. ඡන්දය පාවිච්චි කිරීමට එය බරපතළ බාධාවක් වෙන්නේ නෑ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...

එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...