අනුරට කෝටියක් නෙවෙයි කෝටි දෙකක් – NPP තරුණ සමුළුවේදී කළණ නිවේදනය කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඡන්ද කෝටියක් ඉලක්ක කරගනිමින් ආරම්භ කළත් එය ඉන් ඉදිරියට කෝටි දෙකක් දක්වා යා යුතු බව ජාතික ජන බලවේගයේ නායකයකු වන ජනප්‍රිය නළු කළණ ගුණසේකර මහතා පවසයි.

“දැන් තාරුණ්‍යය ශක්තිමත්. තාරුණ්‍යය පිටිපස්සෙ ඉන්න හැම කෙනෙක්ම ශක්තිමත්. දැන් මේක බුද්ධිය පරීක්ෂා කරන පරීක්ෂණයක්. දැන් මේක කෝටියයි කියලා අපි කිව්වෙ, කෝටියයි නෙවෙයි කෝටි දෙක දක්වා දිනවන්න ඕනෙ. හැම ලාංකිකයෙකුටම මොළේ පෑදෙන්න ඕනෙ අපිට වුණේ මොකක්ද කියලා. සල්ලිවලට යන මෙතන තාරුණ්‍යයක් නෑ. මෙතන කවුරුවක්වත් කලාකාරයො සල්ලිවලට විකිණීච්ච නැති, කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙන මිනිස්සු. මෙතන මේ තාරුණ්‍යය සල්ලිවලට ආපු මිනිස්සු නෙවෙයි බොක්කෙන් ආපු මිනිස්සු. බොක්කෙන් ආපු නායකයෙක් ඉන්නවා, ඒ නායකයා මේක බොක්කෙන් කරනවා”

කළණ ගුණසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය අමතමිනි.

කෙසේවෙතත් 2024 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,71,40,334 ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...