කොළඹ LNW:ජනාධිපතිවරණ ජන්ද විමසීමෙන් පසු ප්රචණ්ඩත්වයක් ඇති වීමට අවස්ථාවක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.
අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මෙම සහතිකය ලබාදුන්නේ.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විට ගහනවා, මරනවා යැයි කියපු තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා විමර්ශනය කරමින් තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මහජනා ආරක්ෂක ඇමතිවරයා ලෙස රට තුළ භිෂණයක් ඇති වීමට ඉඩ නොදෙන බවයි අලස් මහතා වැඩිදුරටත් කියාසිටියේ.
ආශිකා බ්‍රාහ්මණ