ට්‍රම්ප් දෙවන ධුර කාලයක් සඳහා පත්වේද? නැතහොත් ඇමරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනියද? විවාදය අද

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් නොවැම්බර් 05වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිටපු උප ජනාධිපතිනි කමලා හැරිස් අතර ප්‍රථම විවාදය අද(10) පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාහිදී පැවැත්වීමට නියමිත වේ.

ජනධිපති ජෝ බයිඩන් පසුගියදා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති විවාදයේදී ඔහුගේ දුර්වල කාර්ය සාධනය හේතුවේ මැතිවරණ තරඟයෙන් පවා ඉවත් වන්නට හේතු වූ අතර මෙම විවාදය ජනාධිපති අපේක්ෂයන් දෙදෙනාටම වඩාත් තීරණාත්මක අවස්ථාවක් වශයෙන් විශ්ලේෂකයන් දක්වා තිබේ.

ඒ අනුව මෙම විවාදය ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන ධුර කාලයක් වෙනුවෙන් පත්වන්නේද? නැතහොත් ඇමරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනියද? යන්න තීරණය වනු ඇති අතර ට්‍රම්ප් මේ වන විට හය වතාවක් ජනාධිපති විවාද වේදිකාවට ද පැමිණ ඇති අතර මේ හැරිස්ගේ මංගල දර්ශනයයි.

හැරිස් ප්‍රචාරක මාවතට පිවිසීමෙන් පසු තරඟය දැඩි වූ අතර ඇය එතැන් සිට පවත්වා ගෙන ගිය ජාතික ඡන්ද විමසීම්වල සාමාන්‍යයක් තුළ ඇගේ ප්‍රතිවාදියාට වඩා කුඩා ඉදිරියක් ලබා ගෙන තිබේ. ඒ අනුව, මෙවර බදු අඩු කිරීම් සහ විදේශ ප්‍රතිපත්තීන් මෙන්ම , Roe v Wade පෙරලා දැමීමට හැරිස්ගේ ප්‍රවේශය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු වැඩි අවධානයකින් පසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...