ADB ඇ.ඩො.මි.200 ක ණය මුදලක් සඳහා කැබිනට් අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව පැවසේ.

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩ සටහන මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 2 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023 -09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙන බව සඳහන් වේ.

2023 දෙසැම්බර් වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 2000 ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබෙන අතර, එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12 සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතී. ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...