තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල තනතුරට පත් කිරීමට කරුණු සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කළ අතර,ජ්‍යෙෂ්ඨතම කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වන බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ‍ය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පෙනී සිටියා. ඔහු පැවසුවේ ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ තම සේවාදායිකාව වසරක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම සඳහා විදේශගත වූ බවයි. එම සේවය අවසන් කර මෙරටට පැමිණී පසු ඇයට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට අවසර නොදුන් බවත් ඔහු පැවසුවේය.

මෙය අයුක්ති සහගත මෙන්ම අත්තනෝමතික ක්‍රියාවක් බවත් මේ තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...