පාගමනක් යන්න හදපු අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

0
321

කොළඹ LNW:කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිවයි ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

මැතිවරණ සමයේ විරෝධතා පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති හෙයින් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු එම ස්ථානයට පැමිණ දැනුම් දී තිබුණ නමුත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරුව පොලිස් අත්අඩංගුවට ගෙන ගැනුණි.

අනතුරුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/690/IUSF%20protest%20dispersed