තවත් පිරිසක් ජනපති රනිල්ගේ සහයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සහය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති රම්‍ය සුදත් දගල්ලගේ මහතා පවසයි.

අද (11) දින නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමින් රම්‍ය සුදත් දගල්ලගේ මහතා ඒ බව කියා සිටියේය .

රම්‍ය සුදත් දගල්ලගේ මහතා ඒ පිළිබඳ පැවසූවේ,

අපිට ඉන්ධන නැතුව බස් දුව ගන්න බැරිව අන්ත අසරණ වෙලා තිබ්බ කාලයක් තිබුණා, ඒ තත්ත්වයෙන් අපිවත් සමස්ත රටේ ජනතාවත් බේරගෙන රට ගොඩදාපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා.

ඔහුට කෘතඥතාවය පළ කිරීම අපේ වගකීමක් වන නිසාවෙන් සහ රටේ අනාගතය හදන්න පුළුවන් එකම නායකයත් රනිල් වික්‍රමසිංහ මහතා බව අපි තේරුම් ගත් නිසා ජනාධිපතිවරණයේදී නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සහයෝගය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අප ඒකමතිකව තීරණය කළා

මෙම අවශ්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක මහතාද සහභාගි වුණ බවයි සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...