ජනපති මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

අද (11)දින මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 371ක් පමණ ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට අවස්ථාව සැලසිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා මෙම අවස්ථාව උදා කර දී තිබේ.

පවතින කාර්ය බහුල තත්ත්වයේ වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳවත්, ශිෂ්‍ය පාර්ලිමේන්තු කටයුතු මෙන්ම අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ද විමසා බැලීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි සිසුවියන් සහ පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක්ව ඇත.

PMD News

PMD News

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...