*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණය ගැන ඉලංකෛ තමිල් අරසු කච්චි තීරණය වෙනස් වෙයිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට ගනු ලැබූ තීන්දුව යළි සලකා බැලිය යුතු යැයි මාවෛ සේනාධිරාජා සහ ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබුණත් එවැන්නක් අවශ්‍ය නැතැයි පක්ෂයේ බහුතරය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමේ තීන්දුවෙහි කිසිදු වෙනසක් නොමැති බවයි සුමන්දිරන් මහතා සඳහන් කළේ.

“අපි පක්ෂය ගත්තු තීන්දුව යළි සලකා බැලිය යුතු බව මාවෙයි සේනාධිරාජා මහතා සහ ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් එය යළි සලකා බලන්න අවශ්‍ය නැති බව අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසි ක්‍රමවේදයට අපේ පක්ෂය ගත්තු තීන්දුවක්. දැන් ඔවුන් දෙදෙනාත් ඒ බව පිළිඅරන් තියෙනවා. ඒ නිසා ඉදිරි කටයුතු පිළිබඳව යළි සාකච්ඡා කළ යුත්තේ සජිත් ප්‍රේමදාස සමග කියන එකත් ඔවුන් පිළිඅරන් තියෙනවා”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දමිළ රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන විවාදයකට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan