ජනාධිපතිවරණය ගැන ඉලංකෛ තමිල් අරසු කච්චි තීරණය වෙනස් වෙයිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට ගනු ලැබූ තීන්දුව යළි සලකා බැලිය යුතු යැයි මාවෛ සේනාධිරාජා සහ ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබුණත් එවැන්නක් අවශ්‍ය නැතැයි පක්ෂයේ බහුතරය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමේ තීන්දුවෙහි කිසිදු වෙනසක් නොමැති බවයි සුමන්දිරන් මහතා සඳහන් කළේ.

“අපි පක්ෂය ගත්තු තීන්දුව යළි සලකා බැලිය යුතු බව මාවෙයි සේනාධිරාජා මහතා සහ ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් එය යළි සලකා බලන්න අවශ්‍ය නැති බව අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසි ක්‍රමවේදයට අපේ පක්ෂය ගත්තු තීන්දුවක්. දැන් ඔවුන් දෙදෙනාත් ඒ බව පිළිඅරන් තියෙනවා. ඒ නිසා ඉදිරි කටයුතු පිළිබඳව යළි සාකච්ඡා කළ යුත්තේ සජිත් ප්‍රේමදාස සමග කියන එකත් ඔවුන් පිළිඅරන් තියෙනවා”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දමිළ රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන විවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...