තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අදින් අවසන් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද (12) දිනයේදීත් හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ, පසුගිය සැප්තැම්බර් 04, 05, 06 සහ 11 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ සියලුම රජයේ සේවකයින්ට මේ අද දිනය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැක.

තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලැබී ඇත.

අද දිනයේදීත් තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වුවහොත් තැපැල් ඡන්දය සඳහා ලියාපදිංචි වූවන්ට නැවත වෙනත් දිනයක් ලබාදීමක් සිදු නොකෙරෙන අතර ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වනදා හෝ ඔවුන්ට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...