2024 විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සුභයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

2024 වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය.

සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි. එමෙන්ම ජනවාරි සහ මාර්තු මාස වලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.

මෙලෙස පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් පිරිසකි. පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...