මාලිමාවටත් හිටපු ඇමතිතුමාටත් ආර්ථිකය මෙහෙයවන්න ශක්තියක් තියෙනවා ද? නෑ – ජනපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ (LNW):

“හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මහනුවරදී කියලා තියෙනවා මම එතුමාට මඩ ගහන ව්‍යාපාරයක් ගෙනියනවා කියලා. මම එහෙම කළේ නෑ. මම කිව්වේ එක දෙයයි. අනුර කුමාරගේ යෝජනා ක්‍රියාත්මක කරනවා නම්, IMF සංවිධානය සමග තියෙන එකඟත්වයට පටහැනියි. අපි ගිවිසුම කඩනවා. මේ ගිවිසුම කඩාකප්පල් කරාම ඒකෙත් පිහිට නැත්නම් ඩොලරය රුපියල් 500ක් වෙයි“- ජනපති

අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තියට අනුව රුපියල බාල්දු වන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පුත්තලමේ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැලිය අමතමිනි.

“හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මහනුවරදී කියලා තියෙනවා මම එතුමාට මඩ ගහන ව්‍යාපාරයක් ගෙනියනවා කියලා. මම එහෙම කළේ නෑ. මම කිව්වේ එක දෙයයි. අනුර කුමාරගේ යෝජනා ක්‍රියාත්මක කරනවා නම්, IMF සංවිධානය සමග තියෙන එකඟත්වයට පටහැනියි. අපි ගිවිසුම කඩනවා. මේ ගිවිසුම කඩාකප්පල් කරාම ඒකෙත් පිහිට නැත්නම් ඩොලරය රුපියල් 500ක් වෙයි. තමන් කැමතිද එහෙම රුපියල බාල්දු වුණොත්. මම ඔච්චරයි ඇහුවේ. තමුන්නාන්සේ ඇයි රුපියල බාල්දු කරන්නේ. දැන් මේ වෙලාවේ රුපියල ආරක්ෂා කරන්න බැරිනම්, ජීවන බර වැඩිකරනවා නම් ඇයි අපි ඒ අයට ඡන්දෙ දෙන්නේ. 

තමුන්නාන්සේලාගේ ආර්ථික යෝජනාවලින් ජනතාවට විශාල බරක් එනවා. ඒ බර ගැන කනගාටුවක් නැද්ද ? මඩ ගහන එකක් නෙමෙයි අපි අහන්නේ. මාලිමාවටත් හිටපු ඇමතිතුමාටත් ආර්ථිකය මෙහෙයවන්න ශක්තියක් තියෙනවා ද? කියන එකයි අපි අහන්නේ. මේක අමාරුවෙන් මම කළේ. මට ඕන ජීවන බර සැහැල්ලු කරන්න. අන්න ඒකයි අපි කරන්න බලාපොරොත්තුව. දැන් මොකද්ද තියෙන්නේ තවත් ආර්ථිකය දියුණු වෙනවා. එවිට අපි ඒ සහනය ඔබට දෙනවා. අද අපි තවත් තීරණ දෙකක් ගත්තා. මේ රටේ විදේශ සංචිතය ශක්තිමත් වෙලා නිසා ආපහු මෝටර් රථ ආනයනයට තිබූ තහනම ඉවත් කළා.” ලෙස ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...