අයහපත් කාලගුණයෙන් යුරෝපයට බාධා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුරෝපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා කලාපයට බලපා ඇති අධික වර්ෂාවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ රුමේනියාවටයි.

අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර අවතැන් පිරිස් රදවා තැබීම සදහා සහන කදවුරු රැසක් ස්ථාපනය කර තිබෙන අතර, නැගෙනහිර රුමේනියාවේ නිවාස දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආරක්ෂක අංශ කැදවා තිබෙන අතර, චෙක් රාජ්‍ය, පෝලන්තය, ඔස්ට්‍රියාව, ස්ලෝවැකියාව හා හංගේරියාවට ද ගංවතුරෙන් දැඩි හානි සිදුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...