ඔසී හුරු ලිමන්සා ඔසී ගමණේ දී ලංකාව සමඟ

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 15, (LNW) කොළඹ :

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ රනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලිමන්සා තිලකරත්නත් ඇතුළත් කර තිබෙනවා.මේ කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දිට යි.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවන්තම නාමය වන රත්ගම දේවපතිරාජයේ හය දෙනෙකු මෙම කණ්ඩායමටඇතුළත්ව සිටිනවා.සුමුදු නිසංසලා,සංජනා කාවින්දි,හිරුනි හංසිකා,ෂෙහාරා ඉඳුවරි,නෙතුඟි ඉසුරාංජලී සහ රශ්මි නේත්‍රාංජලී එම හය දෙනායි.ත්‍රීකුණාමලය සිංහල මහා විද්‍යාලය නියෝජනය කරමින් විමෝක්ෂා බාලසූරිය මේ සංචාරයට එකතුව සිටින අතර මොනරාගල පඤ්ඤානන්ද විද්‍යාලය නියෝජනය කරමින් චමෝදි ප්‍රබෝධා ද කණ්ඩායමට එකතු වී තිබෙනවා.


කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවේ සාර්ථක ව්‍යාප්තිය සළකුණු කරමින් අම්පාර උහන මධ්‍ය විද්‍යාලයෙන් කණ්ඩායමට එකතුවන්නී ප්‍රමුදි මෙත්සරා යි.වාද්දුව මධ්‍ය විද්‍යාලයෙන් කණ්ඩායමට එරන්දි හංසමාලි එක්ව සිටින අතර නුගේගොඩ අනුලා විද්‍යාලයේ නියෝජනයක් හැටියට දැහැමි සනෙත්මා කණ්ඩායමට එක්ව සිටිනවා.අශේනි තලගුණේ මහනුවර මහමායාවෙන් ද,දනුලි තෙන්නකෝන් කුරුණඋගල මලියදේව බාලිකාවෙන් ද කණ්ඩායමට එක්ව සිටිනවා.


ඇය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායටම නායකත්වය දුන් තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වීම නිසාම මේ තේරීම ඇතැම් අයගේ විවේචනයට ද ලක් වී තිබෙනවා.විශේෂයෙන් මේ මොහොතේ ඩිල්ෂාන් මේ රටේ පවතින දේශපාලන වාතාවරණය මැද එක් පර්ශවයක් නියෝජනය කරන අයෙක් වීමත් ඊට බලපාන බව දකින්නට තිබෙනවා.


ඩිල්ෂාන් මීට පෙර පොහොට්ටුව දේශපාලනයෙන් මැතිවරණයට පවා ඉදිරිපත් වීමට උත්සාහ කළ අතර ඔහු විශ්වාසය පළ කළ ගෝටාභය රාජපක්ෂ අසාර්ථක වන විට මෙරටින් නික්ම ගොස් ඕසට්‍රේලියාවේ පදිංචි වුණා.ලිමන්සා ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස එ‘රටදීත් කැපී පෙණුනා.ඒ නිසා ඩිල්ෂාන් සම්බන්ධයෙන් වන අර්බූද සමනය කිරීමට ලිමන්සාගේ ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දීම නිහීන ක්‍රියාවක් යන්න අපගේ විශ්වාසය වෙනවා.ඩිල්ෂාන් ඕනෑම පියෙක් මෙන් ඔස්ට්‍රේලියාවට වඩා ශ්‍රී ලංකාව නියෝජනය පහසු බව සිතා දියණිය ශ්‍රී ලංකාවට රැඟෙන ඒමට කටයුතු කරන්නට ඇති බවත් බොහෝ විට ඇත්තක් විය හැකියි.එහෙත් ඇයට ලංකාව නියෝජනය කිරීමට තරම් දක්ෂතා ඇත්නම් ඊට හරස්වීම කිසිවෙකු විසින් නොකළ යුතුයි.
පසුගිය කාලයේ දැඩිව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ තේරීම් විවේචනය කළ ඩිල්ෂාන්ගේ ඒ අදහස් සැළකිල්ලට නොගෙන ඇයගේ දක්ෂතාවයට තැනක් ලබා දීම ගැන අගය කළ යුතු අතර,ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක ලෙස ඇය මෙම තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායමට සෑහෙන ශක්තියක් එකතු කරනු ඇතැයි යන්න කෙරෙහි බලාපොරොත්තුවක් ද තබා ගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...