නාමල්ලා, අනුරලා ඇතුළු කළු ආර්ථිකයෙන් යැපෙන සියලු දේශපාලනඥයින් ඩිජිටල් අනන්‍ය අංකය දීම වැළැක්වුවා – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ මහා ආර්ථිකයට වඩා තුන් ගුණයක් විශාල කළු ආර්ථිකයක් පවතින බවත් මේ කළු ආර්ථිකය පවත්වාගෙන යන්නේ සියලුම ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව බවත් එය පිටුදැකීම සඳහා ඩිජිටල් අනන්‍ය අංකය අනිවාර්යයෙන්ම සියලුම දෙනාට ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“මේ අනන්‍ය කේත අංකය ලබාදීම සම්බන්ධව මසිප් එකත් එක්ක ඉක්ටා එක ගිවිසුමක් අත්සන් කළා. ඒකට අවශ්‍ය ආධාර ලබාදීමට ඉන්දියාව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. හැබැයි බාල්දිය දාන්නෙ මේ ඔක්කොම – මම වගකීමෙන් කියන්න – නාමල් රාජපක්ෂ එවකට ඩිජිටල් යටිතල පහසුකම් ඇමතිවරයා හැටියට මේක සිදුවීම වැළැක්වුවා. ඇයි ? ඔහු දැන් දීලා තියෙනවානෙ වත්කම් ප්‍රකාශයක් ඔහුගේ වත්කම් පිළිබඳව. ඔහුටත් මටත් මේ රටේ ඉන්න අන්තිම ක්ෂුද්‍ර ව්‍යාපාරිකයාටත් ගොවියාටත් ත්‍රීවිලර් සහෝදරයාටත් එකවර නිකුත් කරලා තිබුණා නම් මේ ඩිජිටල් අනන්‍ය අංකය ඔහුට ඔය දේ කරන්න බෑ. ඔය ගතකරන අතිශය සුඛෝපභෝගී ජීවිතය සාධාරණීකරණය කරන්නට බෑ මේ ඩිජිටල් අනන්‍ය අංකය නිකුත් කළ දවසේ ඉඳලා. ඒ නිසා තමයි ඔවුන් ඔක්කොම එකතුවෙලා මේක වැළැක්වුවේ. අනුර කුමාර කෑගහගෙන ආවෙ ඉන්දියාව දත්ත හොරකම් කරන්න හදනවා කියලා මේක දැම්මාම. දැන් ඉන්න ජනාධිපතිවරයා අවුරුදු දෙකක් මේක සංවාද කර කර හිටියා. මම වගකීමෙන් කියනවා මාස හයකින් මේක ස්ථාපිත කරන්නට පුළුවන්. මේක පිටිපස්සෙ හිටියෙ රටට ආදරය කරන වැදගත් පුරවැසියන්, දේශප්‍රේමී පුද්ගලයින්, ඔවුන් මේ විෂයය පිළිබඳ ප්‍රාමාණිකයින්. ඔවුන් ඉන්දියාවට දත්ත විකුණන්නෙත් නෑ, මේ ඕපන් සෝස් සිස්ටම් එකක් තුළ දන්න අය දන්නවා එහෙම දත්ත හොරකම් කරන්නට බැහැ. මේ දියුණු ලෝකය. මම බොහොම කණගාටු වෙනවා නාමල් රාජපක්ෂ මේක දැනගෙන හිටියෙ නෑ කියනවා නම්. ඔහුට පැවරිලා තිබුණු එකම රාජකාරිය මේක. ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න ප්‍රධානම හේතුව වුණේ මේ අනන්‍ය අංකය නිකුත් කරගන්න එක. මේ රටේ වෙනස් වෙන්නට ඕනෙ මෙන්න මේ බොරුව. මේ රටේ කළු ආර්ථිකයක් දුවනවා මහා ආර්ථිකයට වැඩිය තුන් ගුණයක් ලොකු. මේ කළු ආර්ථිකය සම්පූර්ණයෙන් දුවන්නෙ මේ ඩිජිටල් අනන්‍ය අංකය නැති නිසා. හැබැයි ඔය කිසිම දේශපාලනඥයෙක් – අනුර කුමාර ඇතුළුව – කළු ආර්ථිකයෙන් දේශපාලනය කරන තමුන් අර බිල්ඩිම හැදුවෙ කොහොමද කියලා කියන්නෙ නෑ. තමුන් අර ගුවන්විදුලි නාලිකාව කාටද වික්කෙ කියලා කියන්නෙ නෑ. තමුන් ඒ ගත්තු ආදායම කොහෙද තැන්පත් කළේ, බදු ගෙව්වාද කියන්නෙ නෑ. සත පහක් බදු ගෙවන්නැතිව මේ රටේ සුඛෝපභෝගී ජීවිත ගතකරන මේගොල්ලො අර ගම්වල ඉන්න අහිංසක කාඩර්ස්ලා එහෙමම ඉන්දැද්දී මේ දේශපාලනය පක්ෂ අරමුදල කියාගෙන, තීරුබදු වාහනෙත් අරගෙන, පාර්ලිමේන්තුවේ පඩියත් අරගෙන අතට ගන්නැතිව කැටේට දානවා, කැටේ පිටිපස්සෙන් ඇරලා ගන්නවා, අරගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. තට්ටු ගණන් බිල්ඩින් හදලා තියෙනවා. මේ රටේ වෙනස් වෙන්නට ඕනෙ මෙන්න මේ බොරුව. මේ බදු දැලෙන් පිටත කරන දේශපාලනය නවත්වන්නට ඕනෙ, සියලු දෙනා බදු දැලට ඇතුළත් වෙන්නට ඕනෙ, ලංකාවේ කළු ආර්ථිකය සහමුලින්ම නැති කරන්නට ඕනෙ”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...