කොළඹ LNW:සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම දැන් කරන්නේ ඔවුන් ගැන කතා කිරීම වෙනුවට මාලිමවට හා මාලිමාවේ නායකයින්ට බැන බැන යාම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එපමණටම ඔවුන් බංකොලොත් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
”සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම මේ දවස්වල තමන් ගැන කතා කරන්නේ නෑ. වේදිකා ගහගෙන රටපුරාම මාලිමාවේ නායකයින්ට මාලිමාවට බන බැන යනවා ඒ මට්ටමට බංකොලොත් වෙලා තියෙන්නේ. මම දැක්කා දයාසිරි ජයසේකර ලඟදි කියනවා මාලිමා ආණ්ඩුවක් ආවොත් ජන්දේ එතනින් ඉවරයි ආයේ ජන්ද එන්නේ නෑ. ප්රජාතන්ත්රවාදය නෑ.පළිගන්නවා. ගහනවා. මරනවා. ඔය ජාතියේ කතා කියා කියා යනවා. හැබැයි එකක් පැහැදිලියි මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් ජන්ද නම් තියනවා දයාසිරිලට පාර්ලිමේන්තු නම් එන්න වෙන්නේ නෑ.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා කියාසිටියි.
ආශිකා බ්‍රාහ්මණ