අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජීවිතය දීප්තිමත් කළ ‘දීප්ජ්‍යෝති’

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සෙනසුරාදා(14) දිල්ලියේ ලොක් කල්‍යාන් මාර්ග් හි පිහිටි ඔහුගේ නිවසට පැමිණී පවුලේ නව සාමාජිකයකු පිළිබඳව නිවේදනය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිවසට අලුතින් එකතු වී ඇත්තේ එම පරිශ්‍රයේ දැනටමත් ජීවත් වන එළදෙනකුට දාව උපත ලැබූ නළලේ විශේෂ සලකුණක් සහිත නිරෝගී පුංගනුර් වසු පැටියෙකි. ඔහු නමින් ‘දීප්ජ්‍යෝති’ ලෙසට නම්කර තිබු අතර ‘දීප්ජ්‍යෝති’ සමඟ අගමැති මෝදිගේ ජීවිතය දීප්තිමත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,

සතුන්ට කරුණාව දැක්වීම සම්බන්ධයෙන් වඩාත් ජනප්‍රිය අගමැති මොදී සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේ, “ලොක් කල්‍යාන් මාර්ග් හි පිහිටි අගමැති නිවාස පවුලට නව සාමාජිකයකුගේ සුබ ගමනක් සිදුව තිබේ.අගමැති නිවහනේදී ආදරණීය එළදෙනක් නළලේ ආලෝකයේ සංකේතයක් සහිත නව පැටවෙකු බිහිකර ඇත. ඒ නිසා මම එය ‘දීප්ජ්‍යෝති’ ලෙස නම් කළා” යනුවෙනි.

ඉන්දියාවේ එළදෙනක් සිටීම ඉතා වැදගත් වන අතර එළදෙනුන් ඇති දැඩි කිරීම සමෘද්ධිය, දයාව සහ වාසනාව ගෙන දෙන බව විශ්වාස කරන අතර පුංගනුර් ගවයෙකු හිමිකර ගැනීම කීර්තියේ සංකේතයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...