හෙට (18) මධ්‍යම රාත්‍රී 12න් පසු ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):

හෙට (18) මධ්‍යම රාත්‍රී 12.00න් පසු ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු කරන පුද්ගලයන් හට රුපියල් පනස්දහසක දඩයක් සහ මාසයකට නොඅඩු සිර දඬුවමක් ලබා දෙන බවයි.

එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බවයි.