වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (19) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ Hainan නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම අද සිට!

කොළඹ LNW:Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක්...

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...