කොහුවල වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට !

0
345

සටහන – රුවන් නෙළුගොල්ල

කොහුවල, සරණංකර පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වෙඩිතැබීම සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ වෙළඳසැලේ හිමිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර කොහුවල පොලීසිය විමර්ශන සිදුකරයි.