ඊයේ (18) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීත් පොලී අනුපාතික ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ද පොලී අනුපාතික යම් මට්ටමක ඉහළ යාමක් දක්නට ලැබී තිබේ.

රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණු අතර ඊට රුපියල් මිලියන 241,443ක ලංසු ලැබී තිබුණු නමුත් පිළිගැනීමට හැකිවී ඇත්තේ රුපියල් මිලියන 160,989ක ලංසු පමණි.

මීට සතියකට පෙර එනම්, සැප්තැම්බර් 11 වනදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ද පොලී අනුපාතික යම් මට්ටමකින් ඉහළ ගොස් තිබිණි

RN