*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මාලිමා ආණ්ඩුවක නීතියේ ආධිපත්‍ය තහවුරු කරන හැටි මෙන්න. ජනතා ප්‍රීති ඝෝෂා මැද කරපු කතාව!

කොළඹ LNW:නොවිසදුනු දේශපාලන ඝාතන,අපරාධ සිදුවීම්,පාස්කු ප්‍රහාරය ඇතුළු යටදමා තිබෙන සියලු විමර්ශන නැවත සිදුකරන බවට ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (18) නුගේගොඩ දී පැවති අවසන් මහජන රැළියේදී සහතික විය.

අනුර කුමාර දිසානායක මහතාගේ නව ආණ්ඩුවකින් එම කටයුතු සිදුවෙන බවයි සෙනෙවිරත්න මහතා අවධාරණය කළේ.

මේ වන විටත් ජාතික ජන බලවේගයේ ජය තහවුරු වී ඇති නිසා ඇතැමුන් බියට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

”හැමෝම කිව්වා පොලිස්පතිවරයෙක් නැතුව මේ වැඩේ කරන්න බෑ කියල. දැන් බලන්න ස්වාධීනව කටයුතු කරනවනේ. අද පොලිස්පතිවරයෙක් නැතුව නිලධාරීන් රාජකාරී කරනවා. මම හිතන්නේ පොලීසියට ස්වාධීනව කටයුතු කරන්න තිබුණ බාධාවක් ඉවත් වෙලා තියෙනවා කියල. මම ඉතා කෙටියෙන් කියනවා අද නීතියේ ආධිපත්‍ය කොතනද තියෙන්නේ කියල. මම පටන් ගන්නවා 2024 ජනවාරි 01 වැනිදායින්. කොළඹ ඉඳන් වැලිගමට යනවා පොලීසියේ වහනයක් වෙඩි තියනවා. වැලිගම පොලීසියෙනුත් වෙඩි තියනවා. නිලධාරියෙක් මැරෙනවා. විමර්ශනයක් සිදුවුණාද? අවශ්‍ය පරිදි සිදුවුණේ නෑ. ඊට පස්සේ ආයෙත් දවස් දෙකකට පස්සේ හෝටලයක් කඩනවා. ඕකද නීතියේ ආධිපත්‍ය.හැබැයි මතක තියාගන්න තව පැය 72කින්. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ පාලනය යටතේ. ඔයවැනි කටයුතු වෙන්නේ නෑ. ඕවගේ විමර්ශනත් ආරම්භ වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි අපි දුටුවා මේ රටේ මනුෂ්‍ය ඝාතන ගොඩක් සිදුවෙනවා. 2022 මනුෂ්‍ය ඝාතන පන්සීය ගාණක් සිදුවුණා. 2023 පන්සීය හැත්තෑ ගාණක් සිදුවුණා. 2024 ත් හැත්තෑ හතරක් සිදුවුණා. හැබැයි සුනිල් වටගල, උපුල් කුමාරප්පෙරුම මහත්වරු ගත්ත ක්‍රියාමාර්ගයෙන් පස්සේ එක්කෙනෙකුට වැඩ කරන්න එපා කිව්වනේ ඊට පස්සේ ඝාතන බොහොම අඩුයි.

ඒ වගේම අපි දන්නවා අපේ රටේ නොවිසදුණු දේශපාලන ඝාතනයන් තියෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතන ගැන තාම හරියට විමර්ශනයක් ආවේ නෑ. සැකකරුවන් හදුනාගන්න. තාජුඩින් ඝාතනය වුණා සැකකරුවන් හදුනාගෙන ඉන්නේ ඒකට විමර්ශනයක් සිදුවුණේ නෑ. මොකද විමර්ශනවලට බාධා සිදුවුණා. අන්තිමට වුණේ විමර්ශනය කරපු මිනිහව මාස 11ක් හිරේ තියාගෙන හිටියා.

ඒවගේම ඔයගොල්ලන්ට මතක ඇති අපේ රටේ සිදුවුණ බලවත්ම දේශපාලන සිදුවීම. ඒ දේශපාලන සිදුවීම නිසා රටේ ආර්ථිකය බින්දුවට බැස්සා. සංචාරක කර්මාන්තය කඩා වැටුණා. ජාතීන් අතර විසම්මුතියක් ඇති වුණා. ආගම් අතර විසම්මුතියක් ඇති වුණා 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන්. එය දේශපාලන අරමුණක් මත සිදුවුණ දෙයක්. ඔයාලට මතක ඇති මෑතකදී හරියටම මීට වසරකට ප්‍රථම අසාද් මවුලානා කියන පුද්ගලයෙක් ඒ පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමක් කළා. ඒකේ කුමන්ත්‍රණයක් ගැන කිව්වා. කුමන්ත්‍රණකරුවෝ ගැන කිව්වා. කුමන්ත්‍රණය කළේ කොහෙද කියල කිව්වා. නමුත් අද වෙනකන් විමර්ශනයක් නෑ. ඒකෙන් තවදෙයක් කිව්වා ඔය පාස්කු ප්‍රහාරය වගේම 2005 නත්තල් දවසේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපුවේ ශාන්ත මයිකල් දේවස්ථානයේ දේව මෙහෙයේදී මරුවා ජෝසප් පරරාජසිංහම් මහත්මයාව. ඒ මරණයට පිල්ලෙයාන් චුදීතයෙක් වුණා. අසාද් මවුලානා ඔහුගේ කතාව හෙළිදරව් කරමින් කිව්වා පිල්ලෙයාන් මේකට සම්බන්ධයි ඒ නිසා ඒකට වරදානයක් වශයෙන් ඔහුට විරුද්ධව තිබුණු මිනීමැරුම් නඩුවෙන් ඔහුව නිදහස් කළා කියල. මේ කරුණු නැවත පුනරීක්ෂණය කළ යුතුයි. මේ කරුණු නැවත විමර්ශනය කළ යුතුයි. මතක තියාගන්න අනුර කුමාර දිසානායකගේ පාලනය යටතේ ඒවා සිද්ධ වෙනවා.

තව කාරණයක් තියෙනවා මතක් කරන්න. දැන් අපි දිනලා ඉවරයි. ඒ දිනපු නිසා අනිත අය බයවෙලත් ඉවරයි. සමහර අය රටයන්න හදනවා.සමහරු සමුගැනීමේ කතාවත් කළා අද. පොලිස් නිලධාරීන් අමතල අමාත්‍යවරයා සමුගැනීමේ කතාවත් කළා. හැබැයි බයවෙලා ඉන්නේ. ඒ නිසා අපිට එක එක ප්‍රචාර එනවා. ආගම් අතර භේදයක් ඇති කරනවා, සංඝයා වහන්සේලාට පහර දෙනවා මාලිමාවේ අය කියල වෙනත් කණ්ඩායම් ගිහින් ගහල ඒ වරද මාලිමාව වෙත දාන්න යනවා. ඒවගේ තවත් ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරි පැය 72 අවදියෙන් සිටින්න. අපි ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක්. ඒ වගේම ඒ හැම තොරතුරක්ම මේ පොලීසියට භාරදෙන්න. ඔවුන් ඒක විමර්ශනය කරයි. මතක තියාගන්න මේ කියන දේවල ICCPR පනතට වැටෙන බරපතල වැරදි. අද බැරිවුණත් ඉදිරියේදී ඒවාට පියවර ගන්නවා. ඒ නිසා මිත්‍රවරුනි මේ 21 වැනිදා අපි සියලු දෙනාම අපි අපගේ පරම යුතුකම ඉටුකර මාලිමාව ඉදිරියේ කතිරය ගසා අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති කර මේ වෙනස සිදුකිරීමට ඔහුට භාරදෙමු කියන ඉල්ලීම කරනවා.” යනුවෙන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan