බැමි බිදගෙන අනුර ඉදිරියට – සජිත් රනිල් අතරත් සීතල සටනක්!

Date:

කොළඹ LNW:මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් නිල ජන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන අතර දැනට නිකුත් කර තිබෙන ජන්ද ප්‍රතිඵලවලට අනුව මඩකලපුව තැපැල් ජන්ද ප්‍රතිඵලය,යාපනය නල්ලූර් සහ වන්නි තැපැල් ජන්ද ප්‍රතිඵලය හැර සෙසු පළාත් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා ජයග්‍රහණය කර තිබේ.

මේ වන විට නිකුත් වී තිබෙන ජන්ද ප්‍රතිඵලයන්ට අනුව මාතර දිස්ත්‍රික්කයේ මාතර ජන්ද බල ප්‍රදේශය,ගාල්ල -අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශය,දිගාමඩුල්ල තැපැල් ජන්ද ප්‍රතිඵලය,කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ජන්දය,අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය,නුවරඑළිය දිස්ත්‍රික් නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය,මාතර දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය,කොළඹ දිස්ත්‍රික් නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය,මාතලේ දිස්ත්‍රික් තැපැල් ජන්දය,මොනරාගල දිස්ත්‍රික් තැපැල් ජන්දය,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තැපැල් ජන්දය,ගාල්ල දිස්ත්‍රික් තැපැල් ජන්දය,හම්බන්තොට නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය,පොළොන්නරුව දිස්ත්‍රික් නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය සහ රත්නපුර දිස්ත්‍රික් නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය තුළ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වාර්තා ගත ලෙස ඉදිරියෙන් පසුවෙයි.

දැනට නිකුත්ව තිබෙන ප්‍රතිඵල අනුව තවත් විශේෂත්වයක් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ජන්ද බෙදී ගොස් ඇති ආකාරයයි.

ඇතැම් ප්‍රතිඵල තුළ සජිත් ප්‍රේමදාස මහතා අභිබවා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට පැමිණ ඇති ආකාරයද හඳුනා ගත හැකියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...