*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ලක්ෂ 220කගේ ජනතා ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු ඔබට භාරයි – ඡන්දයෙන් පසු සජිත් කළ ප්‍රකාශය

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ලක්ෂ 220ක් ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාර වී ඇති බවත් ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවලදී ඒ මහතාට අවශ්‍ය සහයෝගය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා හැටියට තේරී පත්වූ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට පළමුවෙන්ම මා සුබ පතනවා. විශේෂන්ම එතුමාට අපගේ මාතෘ භූමිය මේ වනවිට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් මුදවා ගැනීමට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ලක්ෂ 220කගේ ජනතා ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු ඔබට භාරවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදීත් ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු තීරණවලදී සමගි ජන බලවේගයේත්, සමගි ජන සන්ධානයේත් අවශ්‍ය සහයෝගය ලබාදෙන්නට අපි සූදානම් බව මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙම ජනාධිපතිවරණයේදී මා කෙරෙහිත් අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති, අපේ කණ්ඩායම සහ වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසය තබමින් ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට මා ස්තූති කරන්නට මේක අවස්ථාව කරගන්නවා. මෙම ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීමට සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට, නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශ, ඒ සියලුම දෙනාට මේ රටේ පුරවැසියන්ට තම අභිමතය පරිදි ඡන්දය භාවිතා කරන්නට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව අපේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා. අපේ රට අමාරු තත්වයක තිබෙන මොහොතක්. විවිධ අභියෝග රැසකට මුහුණ දී තිබෙන අවස්ථාවක අපි විශ්වාස කරනවා රට මේ තත්වයෙන් මුදවා ගැනීම ජයග්‍රාහී පාර්ශ්වයට පමණක් නොව මේ රටේ සියලුම පාර්ශ්වවල වගකීමක්. මැතිවරණ ක්‍රියාවලිය අවසන්, රට ගොඩනැඟීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතුයි. ඒ උදෙසා ඔබතුමාට ලබාදිය යුතු සහයෝගය අප රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම ඡන්දය ලබාදුන් සහ නොදුන් සියලුම දෙනාට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමේ ක්‍රියාවලියට දායකවීම ගැන අපේ ස්තූතිය පුදකරනවා. සියලු දෙනාටම ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු අලෙයිකුම්, දෙවි පිහිටයි”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම උදෙසා ඊයේ (22) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan