අනුර වෙනුවට පාර්ලිමේන්තු එන ලක්ෂ්මන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ය.

2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මැතිවරණ කොමිසම විසින් ගැසට් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ මහතාට එම තනතුරේ දිවුරුම් දීමට හැකියාව ලැබෙනු ඇත.

ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා මිට පෙර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...