අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ විට කැබිනට් මණ්ඩලය ඉබේම විසිර යන අතර නව ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගනු ඇත.
මේ අතර ලංකා ඉතිහාසයේ පළමු වතාවට සුළු ජාතිකයකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගැනීමේ සූදානමක් ද පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍ය ධුරය ද ඔහුටම හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.