මට මේ කතාව කියන්න අවුරුදු 37ක් බලාන ඉන්න වුණා. මම හොඳාකාරවම දන්නවා උඹ මේ ලෝකේ නැති බව. අපි හම්බවුණේ 1987 – 88 කාලවල. ඒ කාලේ ජනාධිපති නීතීඥ නිමල් සේනානායක මුල්වෙලා හදපු “මානව හිමිකම් සඳහා ශිෂ්‍යයෝ” ව්‍යාපාරය හරහා තමයි අපට එක්කහු වෙන්න පුළුවන් වුණේ.
අපි ඒ කාලේ අනුරට කිව්වේ අරවින්ද කියලා. එදා හිටපු බොහෝ අයගේ නම් අද වෙනකොට මට පවා අමතකයි. නිෂ්මි, කොල්ලුරේ, ත්‍රීමා ඒ නම් අතරින් කිහිපයක් විතරයි. ඒ හැමෝම ඒ කාලේ තමන් දැරූ මතය වෙනුවෙන් දිවි පිදූ උදවිය. නිමල් සේනානායකගෙන් පස්සේ අපට ගුරු හරුකම් දුන්නේ තවත් සුවිශේෂී චරිතයක් වුණු නීතීඥ විජේදාස ලියනාරච්චි. ඔහුත් 1988 දී කුරිරු ලෙස ඝාතනයට ලක්වුණා. ඒ කාලේ අරවින්ද දෙවැනි පෙළ නායකයෙක්. ඒ නායකයා අපේ පුංචි රටේ පළමු පුරවැසියා විදියට දිවුරුම් දෙනවා දකින්න අද මට වාසනාව ලැබුණා.
මං හිතන්නේ අපි කට්ටියගෙන්ම අද ජීවතුන් අතර ඉන්නේ අනුරයි, ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන වෛද්‍ය ශිරෝයි, මායි විතරයි. ඒ කාලේ මං හිතුවේ ඒ ජීවිත හැම එකක්ම නිස්කාරණේ අපරාදේ නැතිවෙච්ච ජීවිත කියලා. නමුත් අරවින්ද අද වැඩේ කළා.
2014 දී අනුර ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකත්වයට පත්වුණු වෙලාවේ මට හොඳට මතකයි “අපේ එකෙක් පක්ෂ නායකයකු වීම” කියන හෙඩිමෙන් මම ලියපු පුංචි සටහන. අද මම ලියන්න තියෙන්නේ “අපේ අරවින්ද ජනාධිපති වුණා ගැමුණු” කියලායි. එදා බැද්දගානේ අපේ ගෙදර ඉඳලා සියලු අංගෝපාංග පරීක්ෂාවට ලක් කරලා ගැමුණුගේ ට්‍රේල් මෝටර් සයිකලයෙන් අරවින්දව එක්කන් ගිය හැටි මට තාම මතකයි. ඒ තමයි අපි තුන්දෙනා හමුවුණු අන්තිම දවස. ( එදායින් පස්සේ මට අරවින්දව ආපහු මුණගැහුණේ 2005දී එංගලන්තයේ ලන්ඩනයේදී.) 1989 දෙසැම්බර් මාසයේදී ගාලු මුවදොර ගලධාරී හෝටලය ළඟදී ගැමුණුව පැහැර ගත්තා. ඉන්පස්සේ ඔහු ගැන අපට කිසිම තොරතුරක් අද වෙනතුරුත් හම්බවෙලා නෑ. ඒ කාලේ ගැමුණු කියන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු. නිමල් බාලසූරිය කොළඹ වජිර පාරේදී ඝාතනය ලක්වීමෙන් පස්සේ අන්තරේ වැඩබලන කැඳවුම්කරු වුණේ ගැමුණු හෙවත් ගයාන්.
අවුරුදු 37ක් මේ අවනඩුව කියන්න මම බලාන හිටියා. මේ දවස්වල ලංකාවේ හිටියත් මම පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ. මචං අනුර, ශිෂ්‍ය සටන් ව්‍යාපාරයකට නායකත්වය දෙනවාට වඩා භාරදූර කර්තව්‍යයක් අද උඹට පැවරිලා තියෙන්නේ. අපි එකෙක්ටවත් ඒක හිතාගන්න බෑ. වරදින්න තියෙන අවස්ථා බොහොමයි. උඹ, මම, ගැමා, අපි සේරම පැහැදිලිවම නිර්ප්‍රභූ පන්තියේ මිනිස්සු. හතර අතින්ම තියෙන්නේ උඹව ඩැහැගන්න බලන් ඉන්න උගුල්. ඒක නිසා මේ ගමන අතිශයින්ම අසීරුයි. නමුත් මෙච්චර ගමනක් ආපු උඹට ඉතිරි ටිකත් ඒ විදියටම කරන්න පුළුවන් වෙන්නය කියලා මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.
කොල්ලුරේ, වෙනුර, නිෂ්මි, රංජිදම් අවසානයේ ගැමුණු, එදා පැතූ ලෝකය අනුර උඹ ගොඩනැඟුවා. ඒ ගොඩනඟපු ලෝකය විනාශ වෙන්න නොදී ඉතිරි හරියත් ඒ විදියටම කරපන් ….!
~ චවිත් (එංගලන්තය)
RN