රෂිකා හෙන්නායක අප්‍රේල් 15 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකාව සහ ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය වෙනුවෙන් එරට රජය ඩොලර් බිලියන 270ක වන්දි මුදලක් ඉල්ලා සිටියි.
තෙල් පිරිපහදු, විදුලි බලාගාර සහ ප්‍රවාහන ජාල ඉලක්ක කරගත් මෙම ප්‍රහාර හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඒ පිළිබඳව ඉදිරි සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට ඉරානය බලාපොරොත්තු වේ.
යුධමය තත්ත්වයට අමතරව, එරට රජය විසින් පනවා ඇති අන්තර්ජාල තහනම හේතුවෙන් දිනකට ඩොලර් මිලියන 80ක පමණ අමතර පාඩුවක් සිදුවන බව වාර්තා වේ.
පවතින දැඩි සම්බාධක මධ්‍යයේ ඉරාන ගුවන් සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක් අර්බුදයකට පත්ව ඇති නමුත්, තම න්‍යෂ්ටික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහන ලබා නොදෙන බවට ඉරාන බලධාරීන් අනතුරු අඟවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් බදු අය කිරීම වැනි විකල්ප මගින් අලාභය පියවා ගැනීමට ද මෙහිදී යෝජනා වී ඇත.

