ජන්දෙන් පස්සේ ට්‍රම්ප්ගේ තීරණය!

Date:

කොළඹ LNW:එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ට්‍රම්ප් පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇති අතර පසුගිය වසර අට තුළ පක්ෂය විශාල ලෙස ප්‍රතිසංස්කරණ වලට ලක් කිරීමට ද ඔහු කටයුතු කර තිබුණි.

මේ වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජීවිත අවදානමකට ද ලක්ව සිටින නමුත් ඔහු ජනාධිපතිවරණ සටනින් පසුබැස ද නැහැ.

78 හැවිරිදි වියේ පසුවෙන ට්‍රම්ප් ජාතිකවාදී නායකයෙකු ලෙස ප්‍රකටයි.

ඇමරිකා නීතිය අනුව ජනාධිපතිවරයෙක් වාර දෙකකට වඩා සේවය කළ නොහැකි අතර මෙවර පරාජයට පත්වුවහොත් ඔහු දේශපාලනයට සමුදෙනු ඇති.

වත්මන් ජනාධිපති ජෝ බයිඩෙන් තරඟයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයට පත්වීමත් සමඟ ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් වන ආකාරයක් දක්නට ලැබුණු බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...