බිලියන 4ක මැණික් ගල් මිලට ගත් දේශපාලන ව්‍යාපාරිකයා කවුද ?

හිටපු දේශපාලන ප්‍රබලතමයකුගේ සමීපතමයකු වන පුද්ගලයකු විසින් මෑත දිනවලදී රුපියල් කෝටි 400ක් වටිනා මැණික් ගල් මිලදී ගෙන ඇති බව ආරංචිමාර්ග පවසයි.

ප්‍රබල තනතුරක් ද දැරූ මොහුට මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් සඳහා ලැබුණු මුදල් හා විවිධ අයථා ගනුදෙනුවලින් ලැබුණු මුදල් මේ සඳහා යොදවා ඇති බව සඳහන්.

මෙම රුපියල් කෝටි 400 මුදල් වශයෙන් සඟවා තබා ගැනීම අපහසු නිසා මොහු එයින් මැණික් මිලදී ගෙන ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තොරතුරු ඉහළ බලධාරීන් පිරිසක් වෙත ද ලැබී ඇති අතර, ඒ අනුව මොහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...