*
Friday, September 27, 2024
spot_img

Latest Posts

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය ඉවත් කිරීම 27 වන දින රාත්‍රී සිට

සටහන – නදීක දයා බණ්ඩාර 

සැප්තැම්බර් 26, මහනුවර (LNW): පොල්ගොල්ල ජලශයේ ගේට්ටු පද්ධතියේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 27 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ජලාශය සම්පූර්ණයෙන් හිස් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කොට තිබේ.

වාර්ෂිකව මෙම නඩත්තු කටයුත්ත කළ යුතු වූ නමුත් මෙවර එය සිදුකරන්නේ වර්ෂ දෙදකට පසුව යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා මහවැලි ජලාශභාර අධ්‍යක්ෂ ඩී.එම්.ධර්මදාස මහතා පැවසුවේය.

ජලාශය සම්පූර්ණයෙන් හිස් කළ පසු මෙම මස 28 සහ 29 යන දෙදින තුළ ප්‍රධාන ගේට්ටුවේ නඩත්තු කටයුත්ත සිදු කරන බව ඒ මහතා කීහ.
ජලාශය හිස්වීම නිසා උකුවෙල පිහිටි විදුලි බලාගාරයෙන් විදුලි උත්පාදනයක් සිදු නොවන බවත් රජරට කෘෂිකාර්මික ජනපදයේ වගා කටයුතු අවසන්ව වියළි කාලගුණයක් පැවතීම නිසා ජලාශයේ නඩත්තුවට මෙය සුදුසුම අවස්ථාව වන බවත් අධ්‍යක්ෂවරයා කීවේය.
පොල්ගොල්ල ජලාශය හිස් කරන විට විශාල ජල ධාරිතාවයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බැවින් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් අවදානයෙන් පසුවිය යුතු බවත් පොල්ගොල්ල ජලාශය හිස් වූ පසු ජලාශයේ මසුන් ඇල්ලීම හා එය නැරඹීම සඳහා රොන් මඩ සහිත ජලාශයට බැසීම අනතුරුදායක යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කරන ලද්දේ නඩත්තු කටයුත්ත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් එහි ඉංජිනේරු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමානාකාර ( මහනුවර උතුර) ශෂිකා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ ජලාශය හිස් වන බැවින් 28 සහ 29 දිනවලදී මහනුවර හා පොල්ගොල්ල පවිත්‍රාගාරවලට ජලය ලබා ගත නොහැකි නිසා හාරිස්පත්තුව, අකුරණ, ගලගෙදර,පූජාපිටිය, මැණික්හින්න, කුණ්ඩසාලේ, හාරගම, අම්පිටිය, තැන්නේකුඹුර, මාවතගම, පාතදුම්බර යන ප්‍රදේශ වලට ජලය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි. මෙහි බලපෑම පවුල් ලක්ෂයකට පමණ එල්ල වන බව ද ඇය සඳහන් කළාය.
මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රධාන ඉංජිනේරු (වේලි ආරක්ෂණ) උදයංගා බස්නායක, පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු තිසර බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan