ඉදිරි මාස 6 තුළ බදු හා ඉන්ධන මිල තවදුරටත් වැඩිකරන්න වෙනවා – මුදල් ඇමති අලි සබ්‍රි

0
824

ඉදිරි මාස හයක කාලය තුළ බදු සහ ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීමට සිදුවන බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

මේවා ජනප්‍රිය තීන්දු නොවන නමුත් පවතින තත්වය හමුවේ රට ගොඩගැනීමට වෙනත් විකල්ප නොමැති බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඉදිරි මාස 6ක කාලය තුළ රටට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයනය කිරීමට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ විදේශ ආධාර අවශ්‍ය වී ඇති බව පවසා ඇති අමාත්‍යවරයා එය සපයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවත් ප්‍රකාශ කර තිබේ.

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පවසා ඇත්තේ ලොව ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් වන රොයිටර්ස් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here