ඉදිරි මාස 6 තුළ බදු හා ඉන්ධන මිල තවදුරටත් වැඩිකරන්න වෙනවා – මුදල් ඇමති අලි සබ්‍රි

Date:

ඉදිරි මාස හයක කාලය තුළ බදු සහ ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීමට සිදුවන බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

මේවා ජනප්‍රිය තීන්දු නොවන නමුත් පවතින තත්වය හමුවේ රට ගොඩගැනීමට වෙනත් විකල්ප නොමැති බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඉදිරි මාස 6ක කාලය තුළ රටට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයනය කිරීමට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ විදේශ ආධාර අවශ්‍ය වී ඇති බව පවසා ඇති අමාත්‍යවරයා එය සපයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවත් ප්‍රකාශ කර තිබේ.

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පවසා ඇත්තේ ලොව ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් වන රොයිටර්ස් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...