ලොස්ඇන්ජලීස් විරෝධතාවයට ආ සංජීවනී වීරසිංහට දැඩි විරෝධය – හූ හඬ මැද ආපසු හැරී යයි !

රටපුරා පැවැත්වෙන ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ රැල්ල සඳහා ලොවපුරා රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ද සහයෝගය පළ වී තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පවත්වන විරෝධතා පිළිබඳව දිනපතාම වාර්තා වේ.

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේ පැවති විරෝධතාවයක් සඳහා ගායන ශිල්පී සංජීවනී විරසිංහ මහත්මියද එක්ව සිටි අතර කෙසේ නමුත් විරෝධතාකරුවන්ගෙන් ඇයට එල්ල වූයේ දැඩි විරෝධයකි.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර සංජීවනී වීරසිංහ මහත්මියද ඒ අතර ඉදිරියෙන්ම සිටියාය. එම කලාකරුවන්ටද ජනතාවගේ විරෝධය එල්ල වන අතර සංජීවනී වීරසිංහ මහත්මියටද ජනතා විරෝධයට මුහුණදීමට සිදුවූයේ ඒ අනුවයි.

දැඩි විරෝධය හමුවේ ඇයට ලොස්ඇන්ජලීස් විරෝධතාවයෙන් ඉවත්වීමට සිදු වූ අතර උද්ගෝෂකයන්ගේ හූ සංග්‍රහයකට ලක්වීමටද ඇයට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...