ලොස්ඇන්ජලීස් විරෝධතාවයට ආ සංජීවනී වීරසිංහට දැඩි විරෝධය – හූ හඬ මැද ආපසු හැරී යයි !

Date:

රටපුරා පැවැත්වෙන ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ රැල්ල සඳහා ලොවපුරා රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ද සහයෝගය පළ වී තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පවත්වන විරෝධතා පිළිබඳව දිනපතාම වාර්තා වේ.

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේ පැවති විරෝධතාවයක් සඳහා ගායන ශිල්පී සංජීවනී විරසිංහ මහත්මියද එක්ව සිටි අතර කෙසේ නමුත් විරෝධතාකරුවන්ගෙන් ඇයට එල්ල වූයේ දැඩි විරෝධයකි.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර සංජීවනී වීරසිංහ මහත්මියද ඒ අතර ඉදිරියෙන්ම සිටියාය. එම කලාකරුවන්ටද ජනතාවගේ විරෝධය එල්ල වන අතර සංජීවනී වීරසිංහ මහත්මියටද ජනතා විරෝධයට මුහුණදීමට සිදුවූයේ ඒ අනුවයි.

දැඩි විරෝධය හමුවේ ඇයට ලොස්ඇන්ජලීස් විරෝධතාවයෙන් ඉවත්වීමට සිදු වූ අතර උද්ගෝෂකයන්ගේ හූ සංග්‍රහයකට ලක්වීමටද ඇයට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...