හිස්බුල්ලා නායකයා මරා දැමීමට එරෙහිව පලිගන්නා බවට ඉරානය පොරොන්දු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් ඊයේ(28)දිනයේදී බේරූට් හි දකුණු උපනගරයක් වන ඩහිහි පිහිටි භූගත මූලස්ථානයට එල්ල කළ ප්‍රහාර මාලාවක් හේතුවෙන් දශක තුනකට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දුන් සයීඩ් හසන් නස්රල්ලා මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

හිස්බුල්ලා සංවිධානයේ නායක සයීඩ් හසන් නස්රල්ලා මිය යාමත් සමඟ ඉරානයේ නායක අයතුල්ලා අලි කමේනි විසින් මෙම ඝාතනයට පලිගන්නා බවට පොරොන්දු වී ඇති අතර ඔහු විසින් දින පහක නිල ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. මිට අමතරව ඔහු විසින් සාමාජිකයින් 57 දෙනෙකුගෙන් යුත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇති අතර ලෙබනනයේ සහ කලාපය පුරා ඊශ්‍රායලයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙද රැස්වීමක් ඉල්ලා තිබේ.

මේ වන විට ඊශ්‍රායලය හා ඉරානය සෘජු ගැටුමකට ඇද දැමිය හැකි පුළුල් යුද්ධයක අවදානමක් ඇතිව ඇති අතර නස්රල්ලාගේ ඝාතනයත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සෙනසුරාදා ප්‍රකාශ කළේ නස්රල්ලා ඝාතනය මැදපෙරදිග බල තුලනය වෙනස් කළ හැකි ඓතිහාසික සන්ධිස්ථානයක් වන බවයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නස්රල්ලා ඝාතනය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ දහස් ගණනක් ඇමරිකානුවන්, ඊශ්‍රායල සහ ලෙබනන් සිවිල් වැසියන් ඇතුළු ඔහුගේ බොහෝ වින්දිතයින්ට යුක්තිය ඉටුවීමක් වන බවත්, හිස්බුල්ලා, හමාස්, හූති සහ ඉරාන සහාය ලබන වෙනත් ඕනෑම ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලයට ඇති අයිතියට එක්සත් ජනපදය සම්පුර්ණයෙන්ම සහාය දෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...

ප්‍රංශ නිළි රැජිනකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක්...

ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...