මහබැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව 2024 සැප්තැම්බර් 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම් අත්හිටුවා තිබේ.