රනිල්ගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට CID විරෝධය!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට අරගලකරුවන් විසින් 2022 වසරේදී සිදු කළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති විදේශ ගතවී සිටින ඉවෝන් ඇන්ඩෘ පෙරේරා යන අයට නිකුත් කර ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස සිදු කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) අධිකරණය හමුවේ පෙනී සිටිමින් විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

අධිකරණ නියෝග ප්‍රකාරව ලද නොතීසිය අනුව අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයාගේ නියෝජනයක් සිදු කරන බැවින් නඩුව ලබන 10 කැඳවන ලෙසද ඉල්ලීමක් සිදු කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති සැකකරු නඩුවට සහාය දැක්වීමට මෙරටට පැමිණීමට කැමති බවත් ඔහුට එරෙහිව නිකුත් කර ඇති විදේශ ගමන් තරනම ඉවත් කරන ලෙසත් මෝසමක් ගොනු කරමින් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ල ඉකුත් සතියේ ඉල්ලා සිටියේය.

ඒ අනුව ඊයේ දින අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කෙරිණි.

සියලුම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරිය ලබන 10නඩුව කැදවන ලෙසත් එදිනට පෙනී සිටින ලෙස නීතිපති වරයාට දැනුම් දෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පසුගිය 2022 වසරේ ජූලි මස 09 වනදා වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදී ගිනි නිවීමට පැමිණි ගිනි නිවන හමුදාවේ වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදී රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ සී රංගා, කළුතර පදිංචි රයිගම් බණ්ඩාරගේ මංජු වෙත්තමුණි ෂෙරින් වික්‍රමසිංහ, දිල්රුක් මධුශංක,අශාන් සංදීප, අන්වර් අලි, කෝරළගේ ඉන්දික ප්‍රසාද් ඇතුළු පිරිසක් ඇප මත මුදා හැර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...