මැතිවරණය පැත්තකින් තියල පොහොර සහනාධාරය දෙන්න – අමරවීර

Date:

කොළඹ LNW:මහ කන්නය සඳහා ආණ්ඩුවෙන් වැඩිකරන ලද පොහොර සහනාධාරය වහාම ලබා දීමට ඉඩ දෙන ලෙස හිටපු කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගොවියන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු.25000ක් දක්වා ඉහළ දැමීය.

එහෙත් මැතිවරණයකට සූදානම් වන මොහොතක එය ලබාදීමෙන් තවත් පාර්ශවයන්ට අගතියක් සිදුවිය හැකි බැවින් මැතිවරණ කොමිසම විසින් එම සහනාධාරය ලබාදීම තාවකාලිකව නතර කර තිබේ.

මැතිවරණ කොමිසම එවැනි තීරණයක් ගනු ලැබුවද ගොවියන් ඉල්ලීම් කළේ නිසි වෙලාවට පොහොර ටික නොලැබෙන්නේ නම් එමඟින් වගාවට බරපතල පාඩුවක් සිදුවන බවයි.

එම නිසා පොහොර සහනාධාරය ලබාදෙන ලෙසයි ගොවියන් ඉල්ලීම් කරමින් පසුවන්නේ.

මෙම තත්ත්වය මත හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මැතිවරණ කොමිසම හමුවේ ඉල්ලීමක් කළේ මැතිවරණයේ වාසිය,පාඩුව නොබලා ගොවියන්ට පොහොර සහනාධාරය ලබාදීමට ඉඩ සලසා දෙන ලෙසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ නවතම තීරණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : පාසල් පැවැත්වෙන දිනවල...

මේ අවුරුද්ද අවසන් වෙද්දී අඩුම ලක්ෂයක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවාගන්න අනුමැතිය දෙන්න වෙයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය නිලධාරීන් දැනට භාවිතා කරන වාහන...

සිම්බාබ්වේ පන්දු යවන්නෝ ලාංකේය පිතිකරුවන්ගේ කීර්තිය දවා අළු කරති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 07, කොළඹ LNW: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර...