සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින බවට පළවන පුවත් අසත්‍යය බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ඒ මහතා ඉදිරියටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමගම දේශපාලනයේ නිරත වන බවයි නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ.