මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පළමු ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැම්පත් කිරීම අද

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ඔක්තෝබර් 03, (LNW)මහනුවර; 2024 මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැම්පත් කිරීම අද මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදි සිදුවිය.

අකුරණ මෙහොමඩ් ෆාහීම් මෙහොමඩ් ෆස්ලා නම් අයෙකු මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සිය ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් රුපියල් 30 000ක ඇප මුදල් තැම්පත් කොට තිබේ.

ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් භාර ගැනීම ඉකුත් සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ වූ අතර එය මෙම මස 11 වන දින දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක යැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්ද තෙන්නකෝන් මහතා පවසයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට ආරම්භ වන අතර එය මෙම මස 11 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...