මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පළමු ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැම්පත් කිරීම අද

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ඔක්තෝබර් 03, (LNW)මහනුවර; 2024 මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැම්පත් කිරීම අද මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදි සිදුවිය.

අකුරණ මෙහොමඩ් ෆාහීම් මෙහොමඩ් ෆස්ලා නම් අයෙකු මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සිය ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් රුපියල් 30 000ක ඇප මුදල් තැම්පත් කොට තිබේ.

ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් භාර ගැනීම ඉකුත් සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ වූ අතර එය මෙම මස 11 වන දින දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක යැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්ද තෙන්නකෝන් මහතා පවසයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට ආරම්භ වන අතර එය මෙම මස 11 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...