සජිත්ට එරහිව කට ඇරපු ලාල් කාන්තට සමඟියෙන් ප්‍රතිචාර!

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත මහතා විසින් ඊයේ (03) දින මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් කර තිබුණු ප්‍රකාශයක් පිළිබඳව සමඟි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.

”සජිත් ප්‍රේමදාස නාමික විපක්ෂ නායකයෙකු මිස විපක්ෂ නායකකමක් පහුගිය කාලයේවත් කළේ නැහැ” යනුවෙන් ලාල් කාන්ත මහතා කර තිබුණු ප්‍රකාශය සම්බන්ධයෙනුයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ලාල් කාන්තා මහතාගේ උක්ත ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි සමඟි ජන බලවේගය අවධාරණය කරන්නේ.

පසුගිය කාලය පුරා විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද මැදිහත්වීම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සමඟි ජන බලවේගය පවසන්නේ පැවති රජයේ අත්තනෝමතික හා ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම එරෙහි වෙද්දී ඒවා මඟහරිමින් ලාල් කාන්ත මහතා නියෝජන කරන කඳවුර පැනගිය බව සිහිපත්කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...