*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවටත් දැනිලා – ආහාර වියදම් සීමා කරන්නැයි කතානායකගෙන් උපදෙස්

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපිද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දිනකට පිළියෙල කරන ආහාර වර්ග ප්‍රමාණය මේ වනවිටත් අඩුකර ඇති අතර ඉදිරියේදී තවදුරටත් වියදම් කපා හැරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා භාවිතා කරන ලිපිද්‍රව්‍ය හැකිතරම් සීමා කිරීමට තීරණය කර ඇති අතර පණිවුඩ යැවීමේදී කඩදාසි භාවිතා කිරීම වෙනුවට හැකිතරම් ඊ-මේල් ඇතුළු තාක්ෂණික මාර්ග භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව වියදම් අවම කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ලබාදෙන ලිපිද්‍රව්‍ය සීමා කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ. අමාත්‍යංශවල කාර්යසාධන වාර්තා අත්‍යවශ්‍ය අංශ වෙත පමණක් යොමු කෙරන අතර සෙසු අංශ සඳහා සීඩී තැටි මගින් අදාල වාර්තා ලබාදෙන ලෙස කතානායකවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා සිදු කරන වියදම්ද අවම කිරීම පිළිබඳව අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 10 ක් යොදවා ඇති අතර ඒ සඳහා පසුගිය 2019 වසරේ පමණක් වැයකර ඇති මුදල රුපියල් මිලියන 27 කට අධික වේ.

වියදම් අවම කිරීමේ පියවරක් ලෙස ලංගම බස්රථ වෙනුවට පාර්ලිමේනතුව සතු බස්රථ පමණක් යෙදවීම කෙරෙහිද අවධානය යොමුව ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan