CIDය නැවතත් පියුමිගේ වත්කම් ගැන හොයයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නැවත වතාවක් ප්‍රශ්න කර තිබේ.

ඒ, ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර් රථයක් සම්බන්ධයෙනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු එය පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ වී තිබිණි.

ඒ අනුව එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (04) උදෑසන 09.00 ට පියුමි හංසමාලිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණු අතර එහිදී ඇයගෙන් පැය 09ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය වෙත කැඳවා ඇය අධික ලෙස මුදල් උපයාගෙන ඇති ව්‍යාපාර පිළිබඳව ප්‍රශ්න කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...