ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගත් ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් අතර, අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත ස්වාමින් වහන්සේ බැහැදැක , උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසදරක නිරත වී ඇත.

අනතුරුව උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී ඇති අතර, ජය ශ්‍රී මා බෝමළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේ දී මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළ බව සඳහන් වේ.

යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය මෙහිදි විශ්වාසය පළ කර ඇති අතර, අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබා ගෙන ඇත. තවද ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික වතාවත්වලට ද එක්වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...