ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගත් ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් අතර, අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත ස්වාමින් වහන්සේ බැහැදැක , උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසදරක නිරත වී ඇත.

අනතුරුව උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී ඇති අතර, ජය ශ්‍රී මා බෝමළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේ දී මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළ බව සඳහන් වේ.

යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය මෙහිදි විශ්වාසය පළ කර ඇති අතර, අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබා ගෙන ඇත. තවද ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික වතාවත්වලට ද එක්වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...