ඉන්දීය සහන රැසක් මෙරටට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට, ඇ. ඩො. මි. 61.5 ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.

එක්දින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති, අගමැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.

තවද, නිම කරන ලද ය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...