උදාවී ඇත්තේ මෙරට කෘෂිකර්මයේ අවසානයද?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් වසරක කාලයක් තුළ පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බව ඔහු පැවසුවේය.

තව දුරටත් ඔහු පැවසුවේ , මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටළු හේතුවෙන් පුද්ගලයින් කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වන බවත් රටට අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනයන් නිපදවීමද පහළ යාමක් දක්නට ලැබෙන බවත්ය. 

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ඔහු පැවසීය.

“පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත් වෙලා තියනවා. 

කෘෂි අංශයේ සේවා නියුක්ත පිරිස 2023 පළවෙනි කාර්තුව වනවිට 2,187,563 පමණ හිටියා. ඒක 2024 පළවෙනි කාර්තුව වෙනකොට 2,139,574 දක්වා පහළ යාමක් පෙන්නුම් කරනවා.

2023 පළවෙනි කාර්තුව වනවිට සමස්ත සේවා නියුක්තියෙන් කෘෂි අංශයේ සේවා නියුක්තිය 26.7%ක් තිබුණේ. නමුත් 2024 පළමුවැනි කාර්තුව වනවිට එය 25.8% පහළ යාමක් පෙන්නුම් කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...