වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථානවලට විශේෂ උපදෙසක් !

සටහන – රුවන් නෙළුගොල්ල

මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කළේය.