මුවදොර වාඩිලා ගැනීම …

Date:

ගාලු මුවදොර වාඩිලා ගැනීම (Occupy Galle Face) ඇහුන ගමන් මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ද වෙච්ච වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම (Occupy Wall Street). මේ වාඩිලා ගැනීම ටිකක් පරණ අරගල ආකෘතියෙන් වෙනස්.

වෙනදට අපි කළේ රංචු හැටියට කොළඹට ආව එක. එහෙම ඇවිල්ල දේශපාලන නායක කාරකාදීන්ගේ කතා පොජ්ජ අහගෙන හිටිය. හුරේ දැම්ම. ආපහු කුටුම්බය බලා ගියා. ටිකක් පරක්කු වෙන අය කළේ අඩියක් ගහල එහෙම ගෙදර යන එක. කලින් ගියා පරක්කු උනා කියල ලොකු වෙනසක් නැහැ.

නමුත් ‘ඔකියුපයි’ නැත්නම් වාඩිලා ගැනීම ඇතුලේ අල්ලා හිටින වැඩක් කරන්න පුළුවන් සහ එහෙම ඉන්න අයගේ පැවැත්ම අර වෙනදා එදිනෙදා පැවැත්මෙන් වෙනස් වෙන්න පුළුවන්.

ටිකක් හිතන්න මේ දවස්වලට අපේ දෛනික ජීවිතේ ගැන…ටීවී එකේ කොහා කෑගහනවා. කඩේට යනවා. බඩු ගේනවා. අවුරුදු කනවා. ණය ගෙවනවා. ආපහු වැඩට යනවා.

ඉපදුණ දවසේ ඉදල අද දවස වෙනකල් තිබ්බ ඒකාකාරී ජීවිතේ වෙනුවට වෙනත් ජීවිතයක් අන් තැනක තියනවා කියල ඔකියුපයි වෙච්ච කෙනෙකුට තේරෙනවා ඇති. ඒක විප්ලවීය දෙයක්. ඔය ඔකියුපයි වෙච්ච තැන කොන්ඩම් තියනවා කියල බය වෙලා දත කට පූට්ටු වෙලා තියෙන්නේ අන්න ඒ හැමදාම තිබ්බ මෙලන්කොලික – ශෝකී – එකතැන පල්වෙන ජීවිතේ නැති වෙනවට බය උන්.

‘අපි මේ මොහොතේ ඉඳල උඹල දුන්න ජීවිතේ වෙනුවට වෙනස් ජීවිතයක් ගැන හිතන්න ගන්නවා’ කියන පණිවුඩේ අරගලකරුවන් ප්‍රක්ෂේපනය කරන්න ඕනි.

උන් බය අන්න ඒ වෙනස් ජිවිතේට. ඒ කියන්නේ ඇත්ත නිදහසක මුවදොර වාඩි ලා ගන්නවට උන් බයයි. හැමදාම කරපු චාරිත්‍ර කඩනවට උන් බයයි. වහල්ලු වගේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා නම් උන් අපිට උම්මා දෙන්න එයි.

අවුරුදු තමයි. කමක් නැහැ අල්ලගෙන ඉම්මු. ඔකියුපයි වෙමු. ඒ කියන්නේ වාඩිලා ගමු.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එලවා දමන්න ගාන්ධිට පුළුවන් උනේ ඉන්දියාව ඇතුලේ අල්ලා හිටින අරගලයක් දියත් කරන්න ඔහු සමත් වීම නිසා කියල යානිස් වරුෆාකිස් කියනවා.

  • මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...