වසරේ බදු ආදායම් ඉලක්කයට යා හැකි වෙයිද?

Date:

කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 30 වන විට රුපියල්බිලියන 1,417 ක බදු ආදායමක් උපයා ඇති අතර එය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් 70%ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසරේදී රුපියල් බිලියන 2,024 ක බදු ආදායම් ඉලක්කයක් ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කරන්නේ අයකර ගැනීමේ ප්‍රගතිය ප්‍රශංසනීය වුවත්, ස්වයං තක්සේරු ගෙවීමේ ක්‍රමය යටතේ ඇතැම් බදු ගෙවන්නන් විසින් ගෙවිය යුතු හිඟ බදු තවමත් පවතින බවයි.

ගෙවිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීම සහතික කිරීම සඳහා දෙපාර්තමේන්තුව මෙම බදු ගෙවන්නන්ගේ පරිශ්‍රවල සංචාරයක නිරත වන බව ද ඇය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...

කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW: බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන්...

සීනි බිම වැටුණම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි 21 සජබෙත් එයි!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ විසින් එකාබද්ධව සංවිධානය කරනු ලබන...